ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.
එම විවාදයේ දි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රජය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිත බව ය.
අද(10) පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනේ.