කොවිඩ් දෙවන මාත්‍රාව සිංහල-දෙමළ අවුරුද්දෙන් පසු

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

කොරෝනා මර්දන දෙවන එන්නත් මාත්‍රාව සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු මෙරට පුද්ගලයින්ට එන්නත් කිරීමට සෞඛ්‍ය අංශ සැලසුම් කර ඇත .

 

පළමු එන්නත ලබාදුන් ආකාරයටම ,  දෙවන එන්නත ද මුලින්ම  ලබාදෙන්නේ කොරෝනා මර්දන මෙහෙයුම්වල ඉදිරියෙන් සිටින පාර්ශව වෙත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත ..

 

ඒ අනුව දෙවන එන්නත පළමුවෙන් සෞඛ්‍ය අංශ සදහා එන්නත් කිරීම සිදුකරන බවද  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මාධ්‍ය වෙත ඊයේ (09) අනාවරණය කර සිටියේය .