ඉරානයෙන් වරායක් ඉන්දියාවට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉරානයේ ගිනිකොණදිග වෙරලේ පිහිටි චබහාර් වරායේ මෙහෙයුම් කටයුතු වසර 10 ක කාලයකට ඉන්දියාව වෙත පැවරීමට ඉරාන රජය  පියවර ගෙන ඇත .

. ඉරානය සහ ඉන්දියාව විසින් අත්සන් තබා ඇති ගිවිසුමකට අනුව මෙම පැවරීම සිදුකර ඇත .

ගිවිසුම යටතේ ඉන්දියාව ඩොලර් මිලියන 500 ක වියදමින් චබහාර් වරායේ පර්යන්ත දෙකක් ඉදිකර ඇති අතර ඒ වෙනුවෙන් එහි මෙහෙයුම් කටයුතු වසර 10ක කාලයකට ඉන්දියාව වෙත පැවරෙනු ඇත

ඉන්දීය නාවික කටයුතු අමාත්‍ය මන්ෂුක් මන්ඩාවියා මාධ්‍ය වෙත  සදහන් කර ඇත්තේ  මැයි මාසයේ සිට ඉන්දියාව චබහාර් වරායේ සම්පූර්ණ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බවය.