ප්‍රබෝධා හෙට්ටිආරච්චි
හොංකොංහි වෙසෙන ධනවත්ම පුද්ගලයා විසින් ඩොලර් මිලියන ගණනාවක් වැයකොට බෞද්ධ කෞතුකාගාරයක් ඉදිකොට තිබේ.
ජනහිතකාමී ධනවත් ව්‍යාපාරිකයකු වන ලී කා ෂිං විශ්වවිද්‍යාල, රෝහල් ආදියට ද මිලියන ගණනින් ආධාර කළ අයෙක් බවට ප්‍රකටය.
නැගෙනහිර ආසියාවේ සහ උතුරු අමෙරිකාවේ පිහිටි බොහෝ එවැනි ස්ථාන සදහා ඔහු විසින් ආධාර කර තිබේ.
90 වැනි වියෙහි පසුවන ලී කා ෂිංගේ වත්කම ෆෝබ්ස් සගරාව විසින් ඇස්තමේන්තුගත කොට තිබුණේ ඩොලර් බිලියන 33ක් ලෙසයි.
ඔහුගේ කලාව පිළිබද රුචිකත්වය මතුවන්නේ ටෙස් ෂාන් ආශ්‍රමය ඉදිකිරීමත් සමගය.
කෞතුකාගාරය ඩොලර් මිලියන 380ක පිරිවැයකින් යුතු වන අතර ගාම්භීර ලෝකඩ පිළිම ආදි පිළිම බුදු පිළිම 100කින් පමණ සමන්විතය.
මෙම කෞතුකාගාරය සියලුම අයට නොමිලේ නැරඹිය හැකි ලෙස කටයුතු සලසා තිබේ.
සමාරම්භක උත්සවය පසුගියදා පැවැති නමුත් ලබන මැයි 01 වැනිදා සිට එය විවෘතව තැබීමට නියමිතය.