නවතම පුවත්

පාස්කු පහාරයට වගකිවයුත්තන්ට අධිචෝදනා කරන්න නීතිපති සමස්ත වාර්තාව ඉල්ලයි 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වගකිවයුතු සියලුම පාර්ශ්වයන්ට යම් දිනෙක අධිචෝදනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය කරුණු සළකා බැලීමට පෙර සම්පූර්ණ විය යුතු ප්‍රධාන  කරුණු දෙකින් එකක් ලෙස කොමිශන් සභාවේ සියලුම සාක්ෂි සටහන් නීතිපතිවරයාගේ අධ්‍යයනයට භාජනය විය යුතු බව නීතිපතිවරයා පෙන්වා දී තිබේ.

 

අනෙක් කරුණ වන්නේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන සියලුම විමර්ශන සම්පූර්ණ විය යුතුය යන්නය.

 

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය වැඩිදුරටත් මෙම කරුණු ඉදිරිපත් කර තිබුණි. “කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පරිදි මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වු පාර්ශවයන්ට අවධානය යොමුවී ඇති තත්ත්වය සහ මෙම ප්‍රහාරය පිටුපස සිටි මහමොළකරු, කුමන්ත්‍රණකරුවන් සහ ඍජුවම හෝ අන්‍යාකාරයෙන් මෙම ප්‍රහාරයට ආධාර හා අනුබල දුන් පුද්ගලයින් ගැන නිශ්චිත තොරතුරු සහ සාක්ෂි අවසන් වාර්තාව ප්‍රකාරව අනාවරණය නොවන බැවින්, කොමිෂන් සභාව ඉදිරියේ මෙහෙයවන ලද සියලුම සාක්ෂි සටහන් අධ්‍යයනය කිරීමේ වැදගත්කම නීතිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් සිදුවුණා.”

 

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 17 වන පරිච්ඡේදය යටතේ නම්කර ඇති පුද්ගලයින් වන අබු හින්ද්, ලුක්මාන් තාලිබ්, ලුක්මාන් තාලිබ් අහමඩ් හෙවත් අබු අබ්දුල්ලා, රිම්සාන් හා මහෙන්ද්‍රන් පුලස්තිනී හෙවත් සාරා ජස්මින් යන අයගේ සම්බන්ධන්තාව අනාවරණය කර ගැනීමට විමර්ශනය කළ යුතු බවට නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත අද (10) ලිඛිතව දැනුම් දී තිබේ.

 

අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් කියාසිටියේ පසුගිය මාර්තු 8 වන දින මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා නීතිපතිවරයා අතර හමුවක් පැවති බවත් එහිදි නීතිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයන් පිළිබඳ වර්තමාන තත්ත්වය පැහැදිලි කළ බවත් ය.

 

මෙම ප්‍රහාරයට වගකිවයුතු සියලුම පාර්ශ්වයන් නීතිය හමුවට ගෙනඒමට සම්පූර්ණ ප්‍රයත්නයක් යෙදවීමටත් නීතිපතිවරයා කටයුතු කරන බව එහිදී සදහන් කර තිබේ.

 

මේ වන විටත් පාස්කු කොමිෂන් වාර්තාවේ ඇති සාක්ෂි අධ්‍යයනය කිරීම සඳහා නීති නිලධාරීන් 12 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් දැනට ඉදිරිපත් වී ඇති කරුණු අධ්‍යයනයට පත්කර ඇති බව ඇය කියාසිටී.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා