නවතම පුවත්

කැලෑ පාළු කරන තැන් ගැන එසැණින් කියන්න – දැනගන්න App එකක්

අසංක

අසංක

වන විනාශය නැවැත්වීම සඳහා රාජ්‍ය ආයතන එකතු කරගනිමින් විශේෂ ඒකකයක් පිහිටුවන අතර වන විනාශය සිදුවන ස්ථාන කඩිනමින් එසැණින් හදුනාගැනීම සදහා GPS තාක්ෂණය භාවිත කිරීමට smart ජංගම දුරකතන හරහා App පහසුකම ඇති කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

මේ සඳහා විශේෂ ඒකකයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය තුළ පිහිටුවා ඇති අතර 1997 අංකයට ඇමතීමෙන් වනය විනාශ කරන අය පිළිබඳව තොරතුරු ලබාදීමට හැකියාව ඇත.

වන විනාශය නැවැත්වීම සඳහා රාජ්‍ය ආයතන එකතු කරගනිමින් විශේෂ ඒකකයක් පිහිටුවන අතර smart ජංගම දුරකතන හරහා App පහසුකම ඇති කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී පැවසීය.

දැනට පවතින නීතිවල අඩුලුහුඩු කම් පවතින අතර ඒ පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුකර දැඩි නීති සැකසීමට අදාළ ආයතන කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුන්නේය.

රට පුරාම මෙම වන විනාශය නොවන බැවින් වන විනාශය බෙහෙවින් සිදුවන ප්‍රදේශ වන පුල්මුඩේ කැබිතිගොල්ලෑව අනුරාධපුර මාදුරුඔය ඇතුළු එම ස්ථානයන්හි විශේෂ කාර්ය බළකායේ කඳවුරු පිහිටුවා අවට පිහිටි පොලිස් ස්ථාන ශක්තිමත් කිරීමටද යෝජනා විය.

එසේම ත්‍රිවිධ හමුදාවන්හි පුහුණු කටයුතු මෙම කැලෑ තුල සිදු කිරීමට යෝජනා වූ අතර උසස් පෙළ හදාරන සිසු සිසුවියන් දැනුත් කිරීම සඳහා උසස් පෙළ විෂය නිර්දේශයට ඇතුලත් කිරීමට යෝජනා විය.

“වනය විනාශ කරනවා කියන්නේ අනාගත පරම්පරාවට රටක් නැති කරනවා කියන එකයි. ජනාධිපතිතුමා සහ වර්තමාන ආණ්ඩුව වන විනාශය වැළැක්වීමට කටයුතු කරන්නේ දේශපාලන වාසි බලාගෙන නෙමෙයි. මේ රටට ඇති සැබෑ ආදරේ නිසා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්