බටහිර පර්යන්තයේ සංවර්ධනයට එක්වන බව අදානි සමාගම නිළ වශයෙන් ප්‍රකාශ කරයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට එක්වන බව ඉන්දියාවේ අදානි සමාගම නිල වශයෙන් ප්‍රකාශ කර ඇත

, සිය නිල වෙබ් අඩවියේ ඒ පිළිබඳව සඳහනක් කරමින්.අදානි සමාගම මේ බව ප්‍රකාශ කර ඇත .

අදාළ ලිපිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය අමාත්‍යාංශ මගින් තමන් වෙත ලැබුණු බව ද අදානි සමාගම එමගින් දක්වා තිබෙ

බටහිර බහාලුම් පර්යන්තයේ සියයට 85 ක කොටස් අදානි සමාගම ඇතුළු පාර්ශව කිහිපයකට ලබාදෙන බවත් වරාය අධිකාරිය සහ ජෝන් කීල්ස් සමාගම සමග එක්ව එය සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අදානි සමාගම මෙහිදී පෙන්වා දී ඇත

වසර 35 ක බදු පදනම යටතේ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කෙරෙන අතර . එම පර්යන්තය ගොඩනැගීම සඳහා තමන්ට අවස්ථාව ලබාදීම පිළිබඳව අදානි සමාගමේ සභාපති ගෞතම් අදානී සිය ස්තුතිය ද පළ කර තිබෙ

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ අදහස් පළ කරමින් ගෞතම් අදානී පවසන්නේ, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට, වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් සමාගමට සිය කෘතවේදීත්වය පිරිනමන බවයි.