මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත ගැන බියවන්න එපා – සම කැබිනට් ප්‍රකාශක

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටට ගෙන්වන, ඉන්දියාවේ සීරම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳව   කිසිදු අවදානමක් මතුව නොමැති බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටී

ඒඅනුව ඒ  පිළිබඳව කිසිදු බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවද  සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ අමාත්‍යවරයා . අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී  සඳහන් කළේය.

රුධිරය කැටගැසීම ඇතුළු අතුරු ආබාධ සහිත බවට හඳුනාගෙන ඇති කිසිදු එන්නතක් ආනයනය කිරීමට කටයුතු නොකරන බැවින් රජය ආරම්භ කර ඇති එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳව පූර්ණ විශ්වාසය තබන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටි

දැනට සාර්ථකව සිදු කරන එන්නත්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව සිදු කරන බවත් ඒ අනුව ඉදිරි මාස තුනක පමණ කාලය තුළ කොවිඩ් වසංගතය සම්පූර්ණයෙන් අවසන් කිරීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය .