පාකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන පැමිණෙමින් තිබූ මත්ද්‍රව්‍ය සහ ආයුධ රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමඟ ඉන්දීය වෙරළාරක්ෂකයින් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
හෙට දිනයේ මෙරට මුහුදු සීමාවට පැමිණීමට නියමිතව තිබූ එම මත්ද්‍රව්‍ය සහ ආයුධ රැගත් බහුදින යාත්‍රාව කොටු කර ගැනීම සඳහා නාවික හමුදාවේ ද සහය ඇතිව පොලිස් මෙහෙයුමක් ද මෙරට දියත් කර තිබී ඇත.
ඉන්දියානු මුල් සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂකයින් විසින් මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම යාත්‍රාව මෙරට දකුණු පළාතේ සිට බහුදින ධීවර කටයුතු සඳහා යැයි පවසමින් මුහුදු ගිය යාත්‍රාවක් බවත් එහි මත්ද්‍රව්‍ය කිලෝ 300ක් පමණ සහ ගිනිඅවි පහක් තිබී ඇති බවත් තොරතුරු ලැබී තිබේ.