ප්‍රබෝධා හෙට්ටිආරච්චි
සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා ලබන 23 වනදා ගොනු කිරීමට පියවරගන්නා ලෙස අධිකරණය දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියෝග කර තිබේ.
එම පෙත්සමට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම ඊයේ (18) අභියාචනාධිකරණය හමුවේ අවසන් කෙරුණි.
අදාළ පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද? යන්න පිළිබඳ නියෝගය ප‍්‍රකාශයට පත්කරන දිනය ලබන 24 වනදා නියම කරන බව ද විනිසුරු මඩුල්ල සඳහන්කර තිබේ.