නවතම පුවත්

කොරෝනා නිසා  ජොබ් නැති වූ අය ගැන රජයෙන් සොයයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
පසුගිය covid 19 වසංගත සමයේ ස්වකීය රැකියාවට යාමේ  අපහසුතා හේතුවෙන් හෝ අදාල ආයතනය විසින් ඉවත් කිරීම හේතුවෙන් හෝ කොවිඩ් වසංගත සමයේ පැවති වෙනත් අපහසුතා හේතුවෙන් ස්වකීය රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු වූවන් පිළිබඳ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා සිටී.
covid 19 වසංගතය ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට කළ බලපෑම් පිළිබඳව තොරතුරු හා දත්ත එක්රැස් කිරීමේ සහ ඒ පිළිබඳව ලබාදිය හැකි යම් සහනයක් වේ නම් ඒ පිළිබඳව ඉදිරියේදී ක්‍රියාත්මකවීම අරමුණින් මෙම සංගණනය සිදුකරන බව අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව ස්වකීය රැකියා අහිමි වූ අය තම නම, ලිපිනය, දුරකතන අංකය, සේවය කරන ලද ස්ථානයේ ලිපිනය,සේවයෙන් ඉවත් කළ දිනය,එහි සේවා කාලය සහ අවසන් වරට ලැබූ මූලික වැටුප් යනාදිය පිළිබඳ තොරතුරු කම්කරු කොමසාරිස් (කාර්මික සබඳතා අංශය )11 මහල, මෙහෙවර පියස කොළඹ 05 යන ලිපිනයට යොමු කරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඉල්ලා සිටි.2021 අප්‍රේල් පළමු වන දිනට ප්‍රථම මෙම තොරතුරු එවන ලෙසත් වැඩිදුර විස්තර 011 2368502 දුරකථන අංකයෙන් ලබාගත හැක.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා