අතුරුදන් සිසුවා ගෙදර ඇවිත්

Picture of අසංක

අසංක

රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවකු දින කිහිපයක් තිස්සේ අතුරුදන් වීම නිසා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් තිබියදී ඔහු සිය නිවසට පැමිණ තිබේ.

එම සිසුවාගේ මව පවසන්නේ 16 හැවිරිදි මෙම සිසුවා ඊයේ රාත්‍රී 10ට පමණ නිවසට පැමිණි බවයි.

නිවසට පැමිණි පසු ඔහු ප්‍රකාශකර ඇත්තේ තමාට තනිව සිටීමට අවශ්‍ය බවට සිතුවිල්ලක්‌ පහල වීම හේතුවෙන්‌ නිවසින්‌ පිටව ගිය බව ය.

නිවස අවට ප්‍රදේශයේම මෙම දින කිහිපය ඔහු ගතකර ඇති අතර මව පවසයි.

සිසුවාට කිසිදු අනතුරක්‌ සිදුවී නොමැති බවද ඇය කීය.

ඉලෙක්ට්‍රොනික දත්ත හා සී.සී.ටී.වී. කැමරා දත්ත විශ්ලේෂණය කරමින්‌ මෙම සිසුවා සොයා පොලිස්‌ කණ්ඩායම්‌ 4ක්‌ විශේෂ විමර්ශනයක්‌ ද පැවැත්වීය.