බදු නිදහස නිසා නෝර්වේ රාජ්‍යයේ විදුලි කාර් අලෙවිය වාර්තාගත ‌ලෙස ඉහළට

Picture of අසංක

අසංක

ප්‍රබෝධා ‌හෙට්ටිආරච්චි

නොර්වේ රාජ්‍යයේ ප්‍රථම වතාවට විදුලි කාර් අලෙවිය, සාම්ප්‍රදායික කාර් අලෙවිය ඉක්මවා ගොස් තිබේ.

මේ වසරේ මාර්තු මාසය වනවිට අලෙවි වූ සියලුම මෝටර් රථවලින් 58%ක්ම බැටරි ආරෝපණය කරනු ලබන විදුලි කාර් බව ඒරට වාර්තා පෙන්වා දී ඇත.

පසුගිය දශක දෙකක කාලය පුරා නෝර්වේ රජය ක්‍රියාත්මක කර ඇත්තේ 2025 වනවිට ඩීසල් සහ පෙට්‍රල් කාර් අලෙවිය අවසන් කිරීමේ මෙහෙයුමයි.

ඒ යටතේ විදුලි කාර් සදහා බදු නිදහස් කිරීම්, මිල අඩු කිරීම් ආදී පියවර රැසක් ගැනීමට නෝර්වේ රජය පසුබට නොවීය.

විදුලි කාර් පදවන රියැදුරන්ට නෝර්වේ රාජ්‍යය තුළ මහාමාර්ගවල ගමනාගමනය සදහා බදු මුදලින් සම්පූර්ණයෙන්ම නිදහස් කර තිබේ.

විදුලි කාර් අලෙවියේදී වැට් බද්ද 25%කින් අඩුවන අතර නවතා තැබීමේ පහුසකම, බැටරි ආරෝපණයේදී ආදිය නොමිලේ ‌හෝ සහන මිලට සලසා දෙයි.

ඒපමණක් නොව විදුලි කාර් සදහා බස් මාර්ගය භාවිත කිරීමට ද අවකාශය සලසා දීමට නෝර්වේ රජය කටයුතු කර ඇත.

චීනය ද විදුලි කාර් ප්‍රවර්ධන කටයුතු සීඝ්‍රයෙන් සිදුකරගෙන ගිය ද මේ වනවිට නෝර්වේ රාජ්‍යය සුළු වෙනස්කම් මතින් චීනය ද අභිබවා යාමට සමත් වී තිබේ.

2013 වසරේදී ලොව පුරා විදුලි කාර් අලෙවිය දෙගුණයක් වුවද තවමත් ලෝකය පුරාම අලෙවි වී ඇත්තේ විදුලි කාර් මිලියන 4ක් පමණි.