දිස්ත්‍රික් කිහිපයක වායුව නරක අතට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොළඹ, කුරුණෑගල , ගම්පහ සහ යාපනය ඇතුළු මෙරට ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ  ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව වාර්තාවේ .
සුළඟේ දිශාව වෙනස්වීම, කැලි කසළ පිලිස්සීම මෙන්ම නගරවලට දෛනිකව ඇතුළුවන රථ වාහන සංඛ්‍යාව ඉහළ යෑම මෙම තත්වයට හේතු වී ඇති බව.ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශය සඳහන් කර සිටී
ඊයේ(23) පෙරවරු 8.00 වනවිට ගම්පහ නගරයේ වායු ගුණාත්මක අගය ඒකක 117 ලෙස සටහන් වූ අතර කොළඹ ප්‍රදේශයේ පැවතියේ ඒකක 95 ක් ලෙසය. සාමාන්‍යයෙන් වායුවේ ගුණාත්මක භාවය මැනීමේදී ඒකක සියයට වැඩියෙන් පැවතීම සෞඛ්‍යයට හිතකර නොවන තත්වයක් ලෙස සැලකේ
මහනුවර ප්‍රදේශයේ වායු ගුණාත්මකභාවය ද පහළ ගොස් ඇති අතර , එය ඒකක 91 ක් ලෙස සටහන්ව තිබුණි.