ඉන්දියාවෙන් “ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක්” – ආසාධිතයින් ගණන වේගයෙන් ඉහළට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසයේ “නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක්” ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටි.

මෙම විකෘති කොවිඩ් ප්‍රභේදය ඉන්දියාවේ ප්‍රාන්ත 18 කින් වාර්තා වී ඇති බව එරට මාධ්‍ය විසින් මේවනවිට  වාර්තා කර ඇත

මෙම කොවිඩ් ප්‍රභේද හඳුනා ගෙන ඇත්තේ ජෛව සාම්පල් 10,787ක් අතුරින් සිදුකළ ජෛව සාම්පල් පරික්ෂාවන් වලදී බවද  එරට මාධ්‍ය වාර්තා කර ඇත

ගතවූ පැය 24 ක කාලය තුලදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 47,262ක් වාර්තා වී ඇති අතර ඉකුත් නොවැම්බර් මාසයෙන් පසුව දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වේ .

මෙසේ ආසාධිතයින් ඉහලයාමටද හේතුව මෙම නව වෛරස ප්‍රභේදය විය හැකි බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත ..