නවතම පුවත්

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ බිලියන ගණන් දේපළ රාජසන්තක කෙරේ

අසංක

අසංක

මත්කුඩු ජාවාරමේ නිරත සංවිධානාත්මක අපරාධකරුවන් රැසකගේ බිලියන ගාණනක දේපල හඳුනා ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් මේ වන විට වනවිට සමත්වී තිබේ.

එම දේපල තහනම් කර රජයට පවරා ගැනීමට අවශ්‍ය මූලික විමර්ශන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇතැයි එම කොට්ඨාසයේ උසස් නිලධාරියකු සඳහන් කළේය.

මෙලෙස හඳුනාගත් හඳුනා ගත් දේපොල අතර තේ වතු, බස්රථ ආදී ප්‍රවාහන සඳහා යොදා ගත් වාහන, මහල් නිවාස සංකීර්ණවල නිවාස, වාහන කුලියට දෙන ස්ථාන, හෝටල්, සුපිරි සාප්පු සංකීර්ණ ආදී විවිධ ව්‍යාපාර පවතින බවට සොයාගෙන ඇත.

මේ වන විට ඩුබායි වල සැඟවී සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන පුදගලයකුට අයත් රුපියල් ලක්ෂ 115ක් වටින පන්නිපිටියේ පිහිටි නිවසක් ද මෙලෙස තහනම් කර තිබේ.

කෙසේ වෙතත් එහි නිත්‍යානුකූල හිමිකරු හැටියට සඳහන් වී ඇත්තේ ඔහුගේ බිරිඳගේ මව ය. එම කාන්තාව පසුගිය කාලයේ ජීවත් වී ඇත්තේ පලා වර්ග සහ කෑම පාර්සල් කොට විකිණීමෙනි. එම කාන්තාව පොලිසියට පවසා ඇත්තේ තමා බත් පැකට් විකුණා ලද මුදලින් මෙම නිවස ගත් බවයි. කෙසේවෙතත් විමර්ශන නිලධාරීන්ට පෙනීගොස් ඇත්තේ ඇයගේ ව්‍යාපාරය ඔස්සේ එවන් මුදලක් ඉතිරි කොට මෙම නිවහන මිලදී ගත නොහැකි බවය.

ඒ අනුව මෙම නිවස ඉහත මත්කුඩු ජාවාරම්කරුගේ නීති විරෝධී මුදල්වලින් උපයා ගත් බවට තහවුරු වීම නිසා ඉදිරියේදී එම නිවස ද රාජසන්තක කිරීමට කටයුතු යොදා ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි