ඉන්දියාවේ එන්නත් අපනයන සීමාවලින්, ශ්‍රී ලංකාවට බාධාවක් නැහැ – රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ සීරම් ආයතනය විසින් නිෂ්පාදනය කෙරෙන ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රසෙනෙකා කොවිඩ් මර්දන එන්නත් අපනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතත්  ශ්‍රී ලංකාවට ඉන් බාධාවක් නොවන  බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ , මහාචාර්යය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී ..

ශ්‍රී ලංකාව විසින් දැනටමත් ඇනවුම් භාර දී අවසන් බැවින් ඉන්දියාවෙන් ඉදිරි සති කිහිපය ඇතුලත තවත් එන්නත් මාත්‍රා ලක්‍ෂ 5ක් ලැබෙනු ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත අද පැවසීය

එමෙන්ම දැනට මෙරට  පළමු එන්නත් මාත්‍රාව ලබා ගෙන ඇති පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබා දීමට තරම් එන්නත් තොගයක් රට තුල  පවතින බවද හෙතෙම සඳහන් කර සිටියේය .

මෙරට පුද්ගලයින්ට දෙවන එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ  කල යුතුව ඇත්තේ ලබන අප්‍රේල් මස 11 දින සිට වන බවත් ඒ අනුව ගැටලුවකින් තොරව මෙරට අදාළ සියලු දෙනාට කලට වේලාවට එම එන්නත් මාත්‍රාව ලබාදීමට හැකිවන බවත් ඒ මහතා පැවසීය .

ඉන්දියාව තුළ කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ යාම නිසා එන්නතට ඇති ඉල්ලුම වැඩි වීම පදනම් කරගෙන මෙම අපනයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සීරම් ආයතනය පියවර ගෙන ඇත ..