මෙරට අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස ඇඟිලිගැසීමට ජගත් මානව හිමිකම් කොමිසමට අයිතියක් නැහැ – රජය

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කරුණු වලට පදනම් විරහිතව ඇඟිලි ගැසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කර සිටී
එලෙස ඇඟිලි ගැසීම් කිරීමට ඔවුනට කිසිදු අයිතියක් හෝ වරමක් නැතැයි දඅමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය

ජිනීවා යෝජනාව පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කර සිටියේය

ඊළාම් රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ ගොඩනැගීමේ වෑයමට සහයෝගය දුන් පිරිස් වර්තමානයේදීත් වෙනස් මුහුණුවරකින් එම උත්සාහයේ යෙදී සිටින බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය