සූවස් ඇලේ දැවැන්ත නෞකාවක් සිරවීම හරහා මෙරට අපනයන ආර්ථිකයටද බලපෑම් එල්ල වීමේ අවධානමක් මතුව ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටී .
මෙරට අපනයනවලන් සීයයට 60කට වැඩි ප්‍රමාණයක් මෙම සූවස් ඇල හරහා යුරෝපයට රැගෙන යාම හේතුවෙන්. යුරෝපයට අමතරව මෙරට අපනයන, අමෙරිකා එක්සත් ජනපදයට සහ ලතින් අමෙරිකානු කාලාපයට රැගෙන යන්නේ සූවස් ඇල හරහා වන බවද ඒ මහතා පැවසීය .
ඒ අනුවඋදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත කියා සිටියේ දිගින් දිගටම ඇල මෙසේ අවහිර වී තිබුණහොත් දැනටත් අභියෝගයක් වී ඇති අපනයන ආර්ථිකයට තවදුරටත් බලපෑම් එල්ලවිය හැකි බවය .
කෙසේවෙතත් නෞකාව යළි යාත්‍රා කරවීම සඳහා ඊයේ සිට මෙහෙයුම් ආරම්භ කෙරුණ අතර . ඒ සඳහා ටග් යාත්‍රා 14ක් මෙන්ම අමෙරිකානු නාවික සෙබලුන්ගේ සහයද ලැබී තිබේ