අපේ රටේ වාර්ෂිකව සිදුවන සර්ප දෂ්ඨ කිරීම් වලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පවතින බව සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යයි
සර්ප දෂ්ඨ කිරීම් වලින් මිය ගිය අඩුම මිනිසුන් සංඛ්‍යාව වාර්තා වන්නේද 2018 වසරේදීය. සර්ප දෂ්ඨ කිරීම් වලින් මිය ගිය සංඛ්‍යාව 100 අඩු ගණනක් වාර්තා වන්නේද 2018 වසරේදීය. ඉතිහාසයේ ඊට පෙර කිසිදු වර්ෂයක සර්ප දෂ්ඨ කිරීම් වලින් මිය යන සංඛ්‍යාව 100 අඩු අගයක්ද ගෙන නැත.
ගෙවී ගිය දස වසර තුළ සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ වැඩියෙන්ම සර්ප දෂ්ඨනයෙන් මිය ගොස් ඇත්තේ වයස 51 ත් 55 ත් අතර පුද්ගලයින් බවය. අඩුවෙන්ම සර්ප දෂ්ඨනයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 61 ත් 65 ත් අතරේ පසුවන්නන්ය. වයස අවුරුදු 08 අඩු දරුවන්ද සැලකිය යුතු පිරිසක් පසුගිය වසර 10 තුළ සර්ප දෂ්ඨනයෙන් මියගොස් තිබේ.
ලොව පුරා සෑම වසරකම සර්ප දෂ්ටකිරීම්වලින් මියයන සංඛ්‍යාව 20,000ක් පමණ වනු ඇති බවට 2008 නිකුත් වූ වාර්තාවකින් අනාවරණය කර තිබේ.
එවැනි බොහෝ මරණ වාර්තා නොවීම නිසා එම සංඛ්‍යාව වසරකට 94,000ක් පමණ වනු ඇති බවට ද අනුමාන කෙරේ.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/04/sarpa-1.png)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/04/sarpa-chart-1.png)
මූලාශ්‍රය: පොලිස් මූලස්ථානය