නවතම පුවත්

ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදන 4ක් හෙට සිට තහනම්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග හතරක් හෙට (31) දින සිට භාවිතය තහනම් වේ.

පරිසර අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන තිබුණු අතර ඊට කැබිනට් අනුමැතියද හිමි වි තිබිණ

ඒ අනුව එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල්, මයික්‍රෝන 20ට අඩු ලන්ච් ෂීට්, සැෂේ පැකට්, කොට්න් බඩ් හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් බඩු මෙම තහනම් ගොන්නට අයත් වෙයි.

මෙම භාණ්ඩ  භාවිතය මෙන්ම නිෂ්පාදනය ද තහනම් කර ඇත.

දැනට නිපදවා අවසන් කර තිබෙන නිෂ්පාදන අලෙවි අකර ගැනීමට මාස තුනක කාලයක් සමාගම් වල ඉල්ලීම මත ලබා දී ඇති අතර එම නිෂ්පාදන අපනයනයට තහනමක් පනවා නැති බව ද පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා