නවතම පුවත්

පළාත් ඡන්දෙට කලින් නීතිය වෙනස් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

පළාත් සභා මැතිවරණය පළාත් සභා මැතිවරණ නව පනත සම්මත කරගැනීමෙන් පසුව පැවැත්වීමට රජයේ අවධානය යොමු වී ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඊයේ (30) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ හමුවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසුමකට පිළිතුරු වශයෙන්

අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

කෙසේවෙතත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්මත කිරීම කල් යාම හේතුවෙන් මේ වන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නිශ්චිත දිනයක් තීරණය කර නොමැති බවත්, පළාත් සභා නීතිය වෙනස් කිරීමට කැබිනට් සාකච්ඡාවල වැඩි ඉඩක් වෙන් වී තිබූ බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

පළාත් සභා පනතට අනුව සියයට 70 ක් කොට්ඨාස ක්‍රමයටත් සියයට 30ක් සමානුපාතික ක්‍රමයටත් සභිකයින් තෝරා පත්කර ගැනීමටත් වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය එකඟතාව පළකළ බවත්, එසේ වුවද එක් කොට්ඨාසයකින් එකම පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු පත්කර ගැනීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සිය විරෝධය පළකළ බවත්,අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !