දම්පත් රණසිංහ
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු ඇමතිවරයා හමුවීමට ගියේ මාකදුරේ මධූෂ් මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණින් නොවන බවට අනාවරණය වෙයි.
පසුගියදා එහි ගිය තිලක් මාරපන ඇමතිවරයා එරට විදේශ කටයුතු ඇමතිවරයා හමුවී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක් ඇතුළත් ලිපියක් එරට ජනාධිපතිවරයා වෙත දීම සදහා භාරදී තිබුණි.
ජනපතිගේ ලිපියේ ඇතුළත් වී ඇත්තේ මධූෂ් මෙරටට අවශ්‍ය සැකකරුවකු ලෙස ගෙන්වා ගැනීම සම්බන්ධයෙනි.
එහෙත් එම හමුව පැවැත්වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැඩි ලෙස අත්‍යාවශ්‍ය සැකකරුවකු මෙරට සිටින බැවින් ඔහු ඉල්ලා සිටීමේ අරමුණින් එරට රජයේ ආරාධනයෙන් පවත්වන ලද හමුවක් ලෙසයි.
මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මධූෂ් සම්බන්ධ ජනපතිගේ ඉල්ලීම ද එහිදී භාරදී තිබේ.
එම හමුවේදී ගත් ඡායාරූපයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පළකර තිබුණේ මෙසේය.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/04/ඒක්සත්-අරාබි-ඒමීර්.png)