නවතම පුවත්

සචින් රෝහල්ගත කෙරේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පසුගියදා තහවුරු කරගෙන තිබූ හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

කොවිඩ් රෝග ලක්ෂණ පහළවීම හේතුවෙන් ඔහු රෝහල්ගත කිරීමට තීරණය කර ඇති අතර කෙසේ නමුත් ඔහුට බරපතල රෝගී තත්වයක් නොමැති බවද  වාර්තාවේ .

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සචින් පවසන්නේ ආරක්ෂාකාරී පියවරක් ලෙස රෝහල්ගත වීමට තීරණය කළ බවය. දින කිහිපයක් තුළ නැවත නිවසට යාමට හැකිවනු ඇති බවත්, තමා වෙනුවෙන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළ, යාඥා කළ සියලු දෙනාටම ස්තුතිවන්ත වන බවද ඔහු සඳහන් කර ඇත

පසුගියදා නිමාවට පත් වූ රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම නියෝජනය කළ සචින් ඇතුළු ක්‍රීඩකයන් සිව් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබිණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්