නවතම පුවත්

ඉක්මනින්ම රුපියල ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඩොලරයේ අගය රු. 200 ඉක්මවා යාම පිළිබඳව රජය විසින් සැලකිලිමත් වී ඇති බවත් මෙය තාවකාලික සිද්ධියක් බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටී .

ඒ අනුව නොබෝ දිනකින් රුපියල ශක්තිමත් කිරීමට කටයුතු කරනු ලබන බවද ඒ මහතා මාධ්‍ය වෙත  පැවසීය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,මෙසේ පැවසීය

“රුපියල සහ ඩොලරය අතර හුවමාරු අගයයන් තීරණය වන්නේ අපේ රට විදේශ අංශය අපි කළමනාකරණය කිරීමේ තත්ත්වය අනුව. රුපියලේ අගය පවත්වා ගැනීමට මූලික සාධකයක් තමයි රටේ තියෙන සංචිත ප්‍රමාණය. 2014 දී අපේ රටේ තිබුණා සංචිත හැටියට ඩොලර් බිලියන 8.2 ක්. අපි ඒ කාලේ පුරෝකථනය කෙරුවේ 2019 අග වෙන කොට ඩොලර් බිලියන 15 දක්වා අපට වැඩිකර ගන්න පුළුවන් වේවි කියලා. ඒ වුණාට 2019 වෙනකොට අපිට ඩොලර් බිලියන 8.2ක් වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. තිබුණේ 7.4 ක් පමණයි. ඉතිං ඒ නිසා 15 ක් තිබෙන්න තිබුණු තැනක අපිට ලැබුණේ 7.4 ක්. මෙතන දී යථා තත්ත්වය ඒකයි. අපි භාර ගත්ත තත්ත්වය ඒකයි. අපිට අවකාශයක් තිබුණේ නැහැ, මේ රුපියල පාලනය කර ගැනීමටවත්, මේ තත්ත්වයට මුහුණ දෙන්නටවත්. ඒ වුණත් අපි මුහුණ දීලා තියෙනවා.“

“අපි දැක්කා 2020 තුළ දී බොහෝ දෙනෙක් හිතුවා රුපියල දැවැන්ත ලෙස අවප්‍රමාණය වෙයි කියලා. ඒ වුණාට රුපියල අවප්‍රමාණය වුණේ සියයට 2.8ක් පමණයි. ඒ වුණත් මේ වසරේ දී (ඩොලරය) රු. 200 ඉක්මවා යාම ගැන අපි සැලකිලිමත් වෙලා තියෙනවා. අපි දැන් අපේ සංචිත වැඩිකර ගැනීම සඳහා ක්‍රමවේද රාශියක් අනුගමනය කරනවා. ඒ තත්ත්වයට අපි මුහුණ දෙද්දී රුපියල යම් ආකාරයක වැඩිපුර පීඩනයකට ගොදුරු වෙලා තිබෙනවා. අපි ඒක දන්නවා. ඒ වුණත් අපි නොබෝ දවසකින් නැවත වරක් රුපියල ශක්තිමත් කිරීමට අපිට කටයුතු කරන්න පුළුවන් වේවි කියන එක තමයි අපේ විශ්වාසය. අපි එතනට යොමු වෙනවා. මෙය තාවකාලික සිද්ධියක්.“

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා