නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කෙරේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා  අතිවිශේෂ ගැසට් පත්‍රයකින් , කළමනාකරණ කමිටුවක් පත් කරනු ලැබ ඇත .

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39 – (1) වගන්තිය යටතේ තමා වෙත පවරා ඇති බලතල ප්‍රකාරව මෙම කළමනාකරණ කමිටුව පත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන්ය.

කමිටුවේ සභාපතිවරයා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාය

ඈෂ්ලි ද සිල්වා මහතා ලේකම් ධුරයටත්, සුජීව මුදලිගේ මහතා භාණ්ඩාගාරික ධුරයටත් පත් කර තිබේ.

නීතිඥ උචිත වික්‍රමසිංහ මහතා කමිටුවේ සාමාජිකයෙකු වන අතර, අමල් එදිරිසූරිය මහතා එහි නිරීක්ෂකයෙකි.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ නිලධරයන්ගේ නිල කාලය 2021 අප්‍රේල් මස 05 වැනිදා අවසන් වන බැවින් 2021 අප්‍රේල් මස 06 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම කමිටුව පත් කළ බවත් ගැසට් නිවේදනයේ සඳහන් ය.

2021 මැයි මස 20 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරගෙන යෑම සඳහා මෙම කමිටුව පත් කළ බවද එහි දැක්වේ.

.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා