කොල්ලුපිටියේ පැරණි වෙළඳපොළ වෙනුවට මහල් 40ක සංකීර්ණයක්

Picture of අසංක

අසංක

කොල්ලුපිටිය පැරණි වෙළෙඳපොළ වෙනුවට මහල් 40කින් සමන්විත නවීන බහු-මහල් වෙළෙඳ පරිශ්‍රයක් ඉදි කිරීමට පියවර ගෙන තිබේ.

කොළඹ නගරයේ පැරණි වෙළඳපොළ පරිශ්‍ර පුළුල් මහජන සේවාවක් සැපයීමට හැකි වන පරිදි නවීන පහසුකම් සහිතව මෙම මහල් ගොඩනැගිල්ල ප්‍රතිනිර්මාණය කෙරේ.

එම නවීන වෙළෙඳ පරිශ්‍රය තුළ නිවාස, කාර්‍යාල, සාප්පු, රථගාල, හෝටල්,උත්සව ශාලා ඇතුළු සියලු පහසුකම් එකම වහලක් යටින් ලබා ගත හැකිවන පරිදි සකස් කිරීමට සැලසුම් කර ඇත.