අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයට පත් කළ අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව හෙට(05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීමට සැලසුම් කර ඇත
එම කමිටුවේ ලේකම් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්තා රෝහණධීර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ, කමිටු වාර්තාව මේ වනවිට සකස් කර අවසන් බවය.
මෙම අමාත්‍ය අනු කමිටුව අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව නිර්දේශ කළ කරුණු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද අධ්‍යයනයක නිරත විය.