රුසියානු කෝටිපති අන්ද්‍රේ හම්බන්තොට වරායට

Picture of අසංක

අසංක

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණු රුසියානු කෝටිපතියෙකු වන අන්ද්‍රේ ඉගොරෙවිච් මෙල්නිචෙන්කෝ මහතා පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) පැමිණියේය.

එහිදී ඔහු වරායේ ඉහළ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවේදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා කලාපීය පොහොර බෙදා හැරීමේ හැකියාව පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වීය.

එහිදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පවසා සිටියේ, “මෙය වරායේ සැලසුම් වලට අනුකූල වන බවත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) මේ සම්බන්ධයෙන් දැනටමත් අවධානය කරමින් සිටින බවයි”.
පිළිගත් පොහොර මලු මෙහෙයුම්කරුවෙකු සමඟ ව්‍යාපාර හවුල්කාරිත්වයකට එළඹ ඇති හම්බන්තොට වරාය මේ වන විට පොහොර සම්ප්‍රේෂණ මෙහෙයුම් දියත් කිරීමට සූදානම් වන අතර එය පොහොර සහ තොග ව්‍යාපාර සඳහා කලාපීය ප්‍රතිස්ථාපන මධ්‍යස්ථානයක් බවට පත්වීමේ වරාය දැක්මේ තවත් වැදගත් ඉදිරි පියවරකි.

Picture Caption
IMG 01 – වමේ සිට දකුණට – HIPG හි අලෙවිකරණ කළමනාකරු නිශාන්ත ගමගේ මහතා , HIPG හි වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී, ලාන්ස් සූඕ මහතා, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා (HIPS) හි ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවික්‍රම මහතා.