කොරෝනා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යව හරි අඩකින් පමණ අඩුවෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොරෝනා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යව හරි අඩකින් පමණ අඩුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා සඳහන් කර සිටී

කොරෝනා හේතුවෙන් සිදුවන මරණ , සති කිහිපයකට පෙරදී , එක් දිනක දහයකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වුවත් දැනට වර්තා වන්නේ මරණ පහකට අඩු සංඛයාවක් යායි ද ඔහු මාධ්‍ය වෙත  සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම තත්වය තවදුරටත් පවත්වාගෙන යාමට නම් සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමට ජනතාව දිගින් දිගටම පියවර  ගත යුතු බවද ඒ මහතා පැවසීය

රෝග ලකෂණ හේතුවෙන් ස්වේච්ඡාවෙන් රෝහල්ගත වන්නන්ගේ සංඛ්‍යාවද බෙහෙවින් පහළ ගොස් ඇතැයි ද සුදත් සමරවීර මහතා මෙහිදී පැවසීය