දරුණු ගණයේ අපරාධකරුවන් හුදෙකලා කර තැබීමට බූස්ස බන්ධනාගාරය තුළ තවත් සිරකරුවන් 35 දෙනෙක්ට සිර මැදිරි සකස් වෙමින් තිබේ.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද අවසානය වන විට එම සිරමැදිරිවල දරුණු ගණයේ අපරාධකරුවන් රදවා තැබීමට හැකිවනු ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන ඇමති ලොහාන් රත්වත්තේ මහතා සදහන් කළේය.
බන්ධනාරවල රදවා සිටින සිරකරුවන් ජංගම දුරකතන භාවිතා කිරීම පාලනය කිරීම සදහා අවශ්‍ය නවීන උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.