ප්‍රබෝධා හෙට්ටිආරච්චි
සිර දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කර තිබේ.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර සහ
මායාදුන්නේ කොරයා යන විනිසුරුවරුන් හමුවේ කැඳවූ අවස්ථාවේදි මෙම තීන්දුව දී ඇත.
පසුගිය මාර්තු මස 31 වනදා මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය දැනුම් දුන්නේ රන්ජන් රාමනායක ගොනුකර ඇති පෙත්සම විභාගකිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව අද ලබාදෙන බවය.