පැතුම් වික්රමරත්න
ජනවාරි 21 වැනිදා රට විවෘත කිරීමෙන් අනතුරුව මේ දක්වා දස දහසකට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ප්රවර්ධන අධිකාරිය අනාවරණය කර සිටී .
ගෝලීය කොවිඩ් වසංගත තත්වය හමුවේ වසා තිබූ රට විවෘත කළ දිනයේ සිට මේ දක්වා සංචාරකයින් 9629 කසකස්ථානය, ජර්මනිය, එක්සත් රාජධානිය, යුක්රේනය, රුසියාව, ඉන්දියාව, චීනය, ස්විස්ටර්ලන්තය, කැනඩාව යන රටවලින් මෙරටට පැමිණ තිබේ.
ගෝලීය වශයෙන් කොවිඩ් තත්ත්වය පාලනය වීමත් සමඟම බොහෝ රටවල් නැවත විවෘත කෙරෙනු ඇති අතර ඒ හා සමගාමීව මෙරටට පැමිණෙන සංචාරකයින් ප්රමාණය ඉහළ යනු ඇතැයි අධිකාරිය විශ්වාසය පළකර සිටී .
ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු රට සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීමත් සමඟ නව ගුවන් සේවා ආකර්ෂණය කරගැනීම සහ පවතින ගුවන් සේවා වාර ඉහළ නැංවීම සම්බන්ධයෙන් තානාපති කාර්යාල සහ ගුවන් සමාගම් අතර සාකච්ඡා ආරම්භ වී ඇති බවද වාර්තාවේ .