පාම් ඔයිල් තහනමෙන් දේශීය කර්මාන්තකරුවා දිරිගැන්වෙනවා – පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාම් ඔයිල් ආනයනය නතර කිරීමට ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන් දිරිගැන්වෙන බව  පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය අවධාරණය කර සිටී

මෙම තීරණයත් සමග පොල්තෙල්  ව්‍යාපාරයට, අළුතෙන් දේශීය ව්‍යාපාරිකයින් එකතු වනු ඇතැයිද එය කර්මාන්තයේ ප්‍රගමනයට හේතුකාරක වනු ඇති බවද  පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ  සභාපති රංජිත් විතානගේ මහතා මාධ්‍ය වෙත පැවසීය

මෙම තීරණය හරහා මෙරට බිද වැටුණු පොල්තෙල් කර්මාන්තය නගා සිටුවීමට ද හැකි වනු ඇති අතර ඒ අනුව .පාම් ඔයිල් ආනයනය නතර කිරීමට ආණ්ඩුව ගත් තීරණයද පැසසුමට ලක් කරන බවද ඒ මහතා මාධ්‍යයට පැවසීය .
.