රන්ජන්ට දුන්  අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව  ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා  – සජිත්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
 සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කරන ලද රිට් පෙත්සම ප්‍රතික්ෂේප කරමින් දුන් අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරමින්  ශ්‍රේෂ්ඨාධිකරණයට  අභියාචනයක් ඉදිරිපත් කරන බව විපක්ෂනායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු ආසනය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ප්‍රශ්නයක් මතු කිරීමත් සමඟ අද පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවාඩු කාලය අප්‍රේල් 12 වන දිනට පෙර අනුමත කරන ලෙස ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.