ඉන්දියාවේ කොවිඩ් රෝගය වේගයෙන් ව්‍යාප්තවන මහාරාෂ්ඨ ප්‍රාන්තය තුල කොවිඩ් එන්නත් හිඟයක් මතුව ඇති බව වාර්තාවේ .
විශේෂයෙන්ම මුම්බායි නගරයේ රෝහල් රැසකම මේ වනවිට දරුණු කොවිඩ් එන්නත් හිඟයක් මතුව ඇති අතර බොහෝ රෝහල්වල එන්නත් තොග මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බවටද තොරතුරු වාර්තාවේ .
මේ වනවිට මුම්බායි නගරයේ එන්නත්කරන මධ්‍යස්තාන කිහිපයක්ම එන්නත්කරන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවද ඉන්දීය මාධ්‍ය සංවිධානයක ප්‍රකාශකයෙකු “ද කලම්බෝ එක්ස්ප්‍රස්” වෙබ් අඩවිය වෙත පැවසීය .
එම මධ්‍යස්තාන කිහිපයක්ම ඊයේ දිනයේදී එන්නත් තොග අවසන් බව පවසමින් , එන්නත්කරන වැඩසටහනට සහභාගිවීමට පැමිණි ජනතාව හරවා යවා ඇති බවද ඔහු සඳහන් කළේය .
ඒ අනුව මහාරාෂ්ඨ ප්‍රාන්තයට කොවිඩ් එන්නත ප්‍රමාණවත් ලෙස ලබාදීමට ඉන්දීය රජය අසමත්ව ඇති බවද ඔහු පැවසීය.
පසුගියදා එම ප්‍රාන්තයට එන්නත් ලක්‍ෂ 85ක් ලැබුණු නමුත් එම ප්‍රාන්තයේ ජනගහනය කෝටි 12කත අධිකය .එසේම එම ප්‍රාන්තයේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ලක්‍ෂ 5කට ආසන්නය .