බ්‍රිතාන්‍යයේ 30ට අඩු අයට ඇස්ට්‍රාසෙනෙකා එන්නත අත්හිටුවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
බ්‍රිතාන්‍යයේ කොවිඩ් මර්දනය එන්නත් වැඩපිළිවෙළ යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත අවුරුදු 30ට අඩු පිරිසට ලබා නොදීමට තීරණය කර තිබේ.
ඒ වෙනුවට සුදුසු වෙනත් කොවිඩ් එන්නතක් ලබාදීමට එරට සෞඛ්‍ය අංශ අපේක්ෂා කරයි.
අවුරුදු 18ත් 29ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තැනැත්තන් සඳහා මෙලෙස වෙනත් කොවිඩ් එන්නතක් ලබාදීමට තීරණය කර තිබේ.
එන්නත ලබාගැනීමෙන් පසුව ඇතිවූ රුධිර කැටිගැසීමේ සිද්ධීන් කිහිපයක් සහ ඒ හේතුව මත පුද්ගලයින් 19දෙනෙකු මියයාමත් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
එන්නත සහ රුධිර කැටිගැසීමේ සිද්ධි අතර යම් සබඳතාවක් ඇතැයි විශ්වාස කිරීම හේතුවෙන් ඔවුන් එම තීරණය ගෙන තිබේ.
මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් ඇතැමුන්ගේ රුධිරය අසාමාන්‍ය ලෙස කැටිගැසීම ඉතාමත් දුර්ලභ සිද්ධියක් ලෙස සැලකිය හැකි බව යුරෝපා ඖෂධ පරිපාලනය පවසයි.
යුරෝපයේ රටවල් කිහිපයක සිද්ධීන් 86ක් අධ්‍යයනය කර ඔවුන් එම නිගමනයට පැමිණ තිබුණි.
ඉන් ඔබ්බට ගොස් එන්නතින් ලැබෙන ප්‍රතිලාභ වඩාත් ඉහළ බවද එම ආයතනය පවසයි.
යුරෝපය පුරා දැනටමත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 25ක් ජනතාව වෙත ලබාදී අවසන්ය.
ඖෂධ නිෂ්පාදන හා සෞඛ්‍ය නියාමන ඒජන්සිය (එම්එච්ආර්ඒ) විසින් කරන ලද සමාලෝචනයෙන් පහත කරුණු සොයාගෙන ඇත.
  රෝගීන් 79 ක් හා මරණ 19 ක් සිදු වූයේ මාත්‍රාව මිලියන 20 ක් ලබා දීමෙන් පසුවය.</li>
  <li>රුධිර කැටියක් වර්ධනය වීමෙන් මිලියනයකින් හතර දෙනෙකුට පමණ අවදානමක් ඇති අතර මිලියනයකට එක් අයෙකු මිය යයි.</li>
  <li>දුර්ලභ කැටි ගැසීම් වලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් තුළ දක්නට ලැබුණි.</li>
  <li>මියගිය අය වයස අවුරුදු 18 ත් 79 ත් අතර අය වන අතර ඔවුන්ගෙන් තිදෙනෙක් වයස අවුරුදු 30 ට අඩු අය වෙති.</li>
  <li>වාර්තා වූ සියලුම සිද්ධීන් පළමු මාත්‍රාවෙන් පසුව සිදු වූ නමුත් දෙවන මාත්‍රාවල අඩු සංඛ්‍යාවක් තිබුණද එම අගයන් පිළිබඳ තවමත් මෙයින් නිගමනවලට එළඹිය නොහැක.