පැතුම් වික්‍රමරත්න
දංකොටුව ප්‍රදේශයෙන් අත්අඩංගුවටගත් පොල්තෙල් බවුසර් දෙකේ අඩංගු වූ පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අන්තර්ගත බවට ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ තත්ත්ව පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇත.
ප්‍රමිති ආයතනය අදාළ පරීක්ෂණ වාර්තාව ඊයේ (8) දින නිකුත් වූ අතර එහි ඇතුලත් දත්ත අනුව ඇෆ්ලටෝක්සින් පිලිකාකාරකය එහි අහිතකර ප්‍රමාණයකින් අන්තර්ගතව ඇති බවද රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කර සිටී.
රජයේ රස පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්‍ෂණ ඒකකයට යොමු කළ එම බවුසර්වල පොල්තෙල් සාම්පල දෙකේ වාර්තා තවදුරටත් බලාපොරොත්තුවෙන් සිටින බව ද රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය .