පොහොට්ටුවේ නාගරික මන්ත්‍රිවරයකු අත්අඩංගුවට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

පොදුජන එක්සත් පෙරමුණේ හලාවත නගර සභා මන්ත්‍රිවරයකු දංකොටුව වලව්වත්ත ප්‍රදේශයේ දී  අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මත්කුඩු ජාවාරම් කරන ලදැයි චෝදනා මතයි.

මීගමුව කොට්ඨාශ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ නිවසේ සිට පිටතට පැමිණි පසුව ය.

සැකකාර මන්ත්‍රිවරයා ජාවාරම් කළ බව කියන මත්කුඩු කිලෝවකට අධික ප්‍රමාණයක් පසුගිය 23 වැනිදා මීගමුවේදී සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.