නවතම පුවත්

රටවල් 4ක විකෘති කොවිඩ් ප්‍රභේද ශ්‍රී‌ ලංකාවෙන් හමුවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සම්භන්ධයෙන් සිදුකරන ලද  ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වලදී දකුණු අප්‍රිකාවෙන් වාර්තාවූ කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් දෙදෙනෙකු හමුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා  ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කර සිටී
මෙම ආසාදිතයින් දෙදෙනා කටාර් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටියදී ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවද  වෛද්‍ය චන්දිම ජිව්න්දර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය .
මේ අතර සපුගස්කන්ද, බත්තරමුල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකින්, මන්නාරම, යාපනය (1 සාම්පලයක්), කොළඹ සහ කෑගල්ල යන ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගේ වෛරස් සාම්පල් පරීක්ෂණයේදී ඒවා අතරින්  ඇතැම් වෛරස් සාම්පල් වල යම් විකෘති භාවයක් පෙන්නුම් කළ බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බවත්  වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා  සඳහන් කළේය .
මේ අතර බ්‍රිතාන්‍යයෙන් හමුවූ B.1.1.7 වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනෙකු මෙරටින් හමුව ඇති අතර ඉන් 6 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද අනෙක් තැනැත්තා මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධී භාණ්ඩ ප්‍රවාහනය සඳහා අත්අඩංගුවට පත්වූ ධීවරයෙක් වන බවත් වාර්තාවේ
මේ අතර ඩෙන්මාර්කයේ හා  ඉරාකයේ ව්‍යාප්තවන B.1.428 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ අසාදිතයින් තිදෙනෙකු කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම පුද්ගලයින්ගේ සාම්පල් බුද්ධි අංශ විසින් ලබාදී ඇති බවද  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මාධ්‍ය වෙත  සඳහන් කළේය .
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා