සියලුම බැංකු ලබන සඳුදාත් විවෘතයි

Picture of අසංක

අසංක

ලබන සඳුදා (12) දින සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු විවෘතව පවතී.

රජයේ විශේෂ නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කළද එදින සියලුම බැංකු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකළ හැකි බව ප්‍රකාශ කෙරේ.

එමෙන්ම වේරහැර සහ නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්‍යාලය ද විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

පෙර වේලාවක් වෙන්කරගත් සියලු දෙනාට එදින එම කාර්යාල මගින් සේවා ලබාගත හැකිය.

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම විශේෂ නිවාඩුව ප්‍රකාශයට පත්කෙරිණ.