නවතම පුවත්

අධිවේගයේ අනාරක්ෂිත ලෙස ගිය පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගන්න සොයයි

අසංක

අසංක

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක් ධාවනය කළ රියදුරෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භකර තිබේ.

නිල් පැහැති එම මෝටර් රථය අධිවේගී මාර්ගයේ සිය සිරුරුවලින් අඩක් පිටතට දමාගත් පුද්ගලයන් පිරිසක් සමග ගමන් කරන ආකාරය වෙනත් මෝටර් රථයක ගමන් කළ පුද්ගලයෙන් වීඩියෝගතකර සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හුවමාරු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් මහා මාර්ග අමාත්‍යාංශය පොලීසියට කළ දැනුම් දීමකට පොලිස් විමර්ශන ආරම්භ වී ඇත.

මෝටර් රථයක ගමන් කළ තරුණයින් පිරිසක් දොර කවුළුවලින් පිටතට පැමිණ දොරවල් මත හිඳගෙන අනාරක්ෂිත ලෙස ගමන්කරනු එම වීඩියෝවේ දැක්වේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ එම මෝටර් රථය ගමන් කර තිබේ.

මොටර් රථයේ ලියාපදිංචි අංකයට අනුව පරීක්ෂා කිරීමේදි එම රථය මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් බව අනාවරණය වූ බවත් ඔහු එම රථය තවත් පුද්ගලයෙකුට ලබාදී ඇති බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්