චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් මේ වනවිට ලොව පුරා රටවල් 70 කට අධික සංඛ්‍යාවක භාවිතා කෙරෙමින් පවතින බවත් ගෝලීය කොවිඩ් උවදුර මැඩලීම සඳහා එන්නත් බෙදාහැරීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට තම රජය සූදානම් බවත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටී .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීමකට අනුව මේ වනවිට ලොව පුරා සාම සාධක හමුදා ඒකක සඳහාද කොවිඩ් එන්නත් ලබාදීමට තම රජය පියවර ගෙන ඇති බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක සාඕ ලී ජියැන් ( Zhao Lijian) මහතා සඳහන් කර ඇත .
යුරෝපාකරයේ රටවල්මේ පවා වනවිට චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් තුනක්ම ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බවත් සිනොෆාම් , කැන්සිනෝ හා සිනෝවැක් එන්නට් සඳහා මෙසේ ඉල්ලුම් ලැබී ඇති බවත් ඒ මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත .
කොවිඩ් එන්නත් ආධාර වැඩසටහන් යටතේ , දියුණු වෙමින් පවතින 69කට තම රජය නොමිලයේම කොවිඩ් එන්නත් තොග ලබාදීමට පියවර ගෙන ඇතිබවද ඒ මහතා පැවසීය .
එසේම දැනට රටවල් 43ක් පමණ චීන එන්නත් ආනයනය ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසී ය .