චීන ආරක්‍ෂක ඇමති , ශ්‍රී ලංකාවේ විශේෂ නිළ සංචාරයක

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතා ඉදිරි සති කිහිපය ඇතුලත මෙරට  නිල සංචාරයක නිරතවීමට නියමිතව ඇත .

මෙම සංචාරය සඳහා මෙතෙක් නිශ්චිතවම දින නියම වී නැති නමුත් බොහෝදුරට මෙරට අවුරුදු නිවාඩුවෙන් පසු සතියේ  ඒ මහතා මෙරටට පැමිණෙනු ඇති බවටද  තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී .

එම සංචාරය තුළදී ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතා මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ඉහළම නිලධාරීන් පිරිසක් හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් අනතුරුව චීනයේ ඉහළම පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයකු මෙරටට පැමිණෙන දෙවැනි අවස්ථාව මෙය වනු ඇත.