නවතම පුවත්

තහනම් කළ අන්තවාදී සංවිධානවල සාමාජිකයන් මුස්ලිම් පල්ලි භාරකාරිත්වයෙන් ඉවතට

අසංක

අසංක

තහනම්‌ කරන ලද ඉස්ලාමීය
සංවිධාන එකොලහේ සාමාජිකයින්‌ මේ වනවිට මුස්ලිම්‌ පල්ලිවල භාරකාර මණ්ඩලවල සාමාජිකත්වය දරන්නේ නම්‌
ඔවුන්ට වහාම එම ධුරවලින්‌ ඉවත්‌ වන ලෙස වකුෆ්‌ සභාව දැනුම්‌ දෙයි.

මුස්ලිම්‌ ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ඊයේ පැවති වකුෆ්‌ සභා රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තවාදයට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11ක්‌ තහනම්‌ කරමින්‌ අතිවිශේෂ ගැසට්‌ පත්‍රයක්‌ පෙරේදා නිකුත්‌ කෙරිණ.

එක්සත්‌ තව්හිද්‌ ජමාත්‌, සිලෝන්‌ තව්හිද්‌ ජමාත්‌, ශ්‍රී ලංකා තව්හිද්‌ ජමාත්‌, සමස්ත ලංකා තව්හිද්‌ ජමාත්‌, ජමියතුල්‌ අන්සාරි සුන්නතුල්‌ මොහොමදියා, දාරුල්‌ අදර්‌ හෙවත්‌ ජමිඋල්‌ අදර්‌ මොස්ක්‌, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, ඉරාක සහ සිරියානු ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය , අල්කයිඩා, සේව්‌ ද පර්ල්‌ සහ සුපර්‌ මුස්ලිම්‌ යන සංවිධාන මෙලෙස තහනම්‌ කෙරිණි.

මේ අතර ඉදිරියේදී තවත්‌ අන්තවාදී සංවිධාන කිහිපයක්‌ තහනම්‌ කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර්‌ අද්මිරාල්‌ ආචාර්ය සරත්‌ වීරසේකර පවසයි.

කොළඹ ඊයේ පැවති උත්සවයකින්‌ අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දක්වමින්‌ ඔහු මේ බව කියා සිටියේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි