නවතම පුවත්

විමල්, වාසු සහ ගම්මන්පිල ,පක්ෂ නායක රැස්වීමෙන් නැගිට යයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීම අතරතුර පක්ෂ නායකයන් කිහිප දෙනෙකු නැගිට ගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ නැගිට ගොස් තිබෙන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර යන ඇමතිවරුන් තිදෙනායි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ට අමතරව තවත් මැති ඇමතිවරුන් පිරිසක්ද මෙම රැස්වීමට කැඳවා තිබූ අතර විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස ඉවත්ව ගොස් තිබෙන්නේ ඊට විරෝධය පළ කරමිනි.

අද පෙරවරු 10 යි 30 ට අරලියගහ මන්දිරයේදී එම රැස්වීම කැඳවා තිබුණේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ අතර පවතින මතභේද ඉවත්කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහාය එම රැස්වීමට 51 දෙනෙකුට ආරාධනා කර තිබෙ

විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම්ගත පක්ෂ ඇත්තේ 14 ක් පමණක් බවය. සාමාන්‍යයෙන් පක්ෂ නායක රැස්වීමට 20 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගී වන නමුත්, මෙම රැස්වීමට 51 දෙනෙකුට ආරාධනා කර ඇති බවත් එම අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයා වෙත පෙන්වා දී තිබේ .

ඒ අනුව තම පක්ෂවල ගැටළු මෙම රැස්වීමේදී සාකච්ඡා කළ නොහැකි බැවින් වෙනත් දිනයක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යෝජනා කර අදාළ අමාත්‍යවරුන් තිදෙනා අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇති බවවැඩිදුරටත් වාර්තාවේ .

 

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !