කොවිඩ් එන්නතෙන්, රුධිරය කැටි ගැසී, මෙරට තිදෙනෙක් මරු දකී

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ සංකුලතාවයන් හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්වූ බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටී .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  විසින්  පාර්ලිමේන්තුවේදී නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියාය .

එමෙන්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීමෙන් මෙරට ද පුද්ගලයින් 06 දෙනෙකු රුධිරය කැට ගැසීමේ සිදුවීම් වාර්තා වූ බවයි ඇය සඳහන් කලාය .

මෙරට කොවිඩ් එන්නත ලබාදීමෙන් පසු යම් පුද්ගලයෙකුට සංකුලතාවයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට 0113-415985 යන අංකය යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් ලබාදී ඇති බවත් ඊට අමතරව කොළඹ ජාතික රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයක්ද ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියාය .

මේ අතර මෙරට කොරෝනා මර්ධන එන්නත ලබාදුන් පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලබාදිම ලබන මැයි මාසයේ පළමු සතියේ සිට ආරම්භ කරන බවටද ඇය මෙහිදී සඳහන් කර සිටියාය .