නවතම පුවත්

නව වෛරස ප්‍රභේද වාතයෙන්ද බෝ විය හැකියි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වනවිට ලොවපුරා ව්‍යාප්තව ඇති ඇතැම් කොවිඩ්  වෛරස ප්‍රභේද වාතය හරහාද  බෝවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීවක හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය අවධාරණය කර සිටී .

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව අනාවරණය  කර සිටියාය .

වාතය හරහා වෛරසය බෝවීමේ මෙම  අවදානම හේතුවෙන් , මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් වඩාත් සැළකිලිමත් වීම වැදගත් බවත්  නිසි ප්‍රමිතියෙන් යුක්ත මුව ආවරණ භාවිතා කිරීම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අත්‍යවශය බවත් ඇය පෙන්වා දුන්නාය .

කොවිඩ් වෛරසයට පැය එකහමාරක පමණ කාලයක් වාතයේ රැදී සිටිය හැකි බවද ඇය පැවසුවාය .

මීට අමතරව අලුතින් හඳුනා ගන්නා ආසාදිතයන් අතර රෝග ලක්ෂණ බහුල පුද්ගලයන් හා වෙනස් රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් වාර්තා වන බවද මහාචාර්යවරිය පැවසීය .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා