වසර 180කට පසුව ලංකාවට වැඩිම උණුසුමක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවට මේ දිනවල බලපා ඇති අධික උණුසුම වසර 180කට පසුව බලපෑ වැඩිම උෂ්ණත්වය බව තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා පවසයි.

1880 වසරේදී ද මෙවැනිම අධික උෂ්ණත්වයක් ශ්‍රී ලංකාවට බලපා තිබේ.

නමුත් මෙවර වැඩිවීම 2016 වසරේ සිට පැවත එන ක්‍රමික වැඩිවීමක් බව හෙතෙම පෙන්වා දී තිබේ.

සාමාන්‍යයෙන් වාර්ෂිකව අප්‍රේල් 05 වැනිදා පමණ සිට අප්‍රේල් 15 වැනිදා පමණ වනතෙක් ශ්‍රී ලංකාවට ඉහළින් ඉර මුදුන් වන අතර ඉන්පසුව සූර්යයා ක්‍රමයෙන් ඉවත්ව යන අතර එම කාලය තුළ අධික උෂ්ණත්වයක් බලපායි.

ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම මෙන්ම මෙවර එල්නිනෝ තත්ත්වය ද මීට බලපා ඇති බව ජයරත්න මහතා පවසයි.

මැයි මාසය තෙක් මෙම උණුසුම් තත්ත්වය බලපානු ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.