නවතම පුවත්

“කොවිඩ් සෞඛ්‍ය රෙගුලාසි  අකුරටම පිළිපදින්න” – කථානායක පාර්ලිමේන්තුවට කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
 කොවිඩ් -19 වසංගත මර්දනය උදෙසා පැනවූ සෞඛ්‍ය රෙගුලාසි පාර්ලිමේන්තුව තුළදී තරයේ පිළිපදිමින්  සහයෝගය ලබාදෙන ලෙස කථානායකවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඊයේ (04) ඉල්ලීමක් කර තිබේ.
පාර්ලිමේන්තුවෙන් පිටතදී කටයුතු කිරීමේදී ද එම පිළිවෙත් අනුගමනය කරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුනි.
කථානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කීය.
“පසුගිය අප්‍රේල් 30 වැනිදා දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ වනවිට දිවයිනේ උද්ගතව ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු විය. ඒ අනුව, පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා එහි රැඳී සිටීමේදී, මුඛ ආවරණ පැළඳීම, දෑත් පිරිසිදු කිරීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු සෞඛ්‍ය බලධාරින් විසින් ප්‍රකාශයට පත්කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ පිළිපදිමින් සහයෝගය ලබාදෙන ලෙසත්, පාර්ලිමේන්තුවෙන් පිටතදී කටයුතු කිරීමේදී ද, එම පිළිවෙත් අනුගමනය කරන ලෙසත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, සෙසු හා අනුබද්ධිත කාර්ය මණ්ඩල, පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්, ආරක්ෂක අංශවලට අයත් කාර්ය මණ්ඩල ඇතුළු පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම දෙනා ද පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා එහි රැඳී සිටීමේදී මෙකී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කිරීමේ අත්‍යවශ්‍යතාවය ද දැඩිව අවධාරණය කරමි,” යනුවෙනි.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා